SRILANKAN NEWS

සාමාන්‍ය පෙළ අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කරයි..

අනිද්දායින් (31) අවසන් වීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ කාලය ලබන මස 15 වැනිදා තෙක් දීර්ඝ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. දිවයිනට බලපා අැති අයහපත් කාලගුණ තත්ත්වය මත මෙම පියවර ගෙන අැත.

මේ අතර, හෙට (30) දින පැවැත්වීමට නියමිතව තිබූ සමාජ වැඩ උපාධි පාඨමාලාවේ බඳවා ගැනීමේ විභාගය කල් දමා අැති බව වාර්තා වේ. අදාළ විභාගය ජාතික සමාජ සංවර්ධන ආයතනය විසින් පැවැත්වීමට නියමිතව තිබූ අතර අයහපත් කාලගුණික තත්ත්වය නිසා මෙම තීරණය ගත් බවත් යළි විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවත් එම ආයතනය වැඩිදුරටත් පවසා සිටියි.