SRILANKAN NEWS

ජනපති කොමිසම විමල්ගෙන් පැය හයක් ප්‍රශ්ණ කරයි..

– Global Tamil News –

ජනපති කොමිසම විමල්ගෙන් පැය හයක් ප්‍රශ්ණ කරයි..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (4) බරපතල වංචා විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබුණි.

පළමු වරට ජනපති කොමිසම ඉදිරියේ පෙනී සිටි ඔහුගෙන් පැය හයකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාගෙන ඇති බව වාර්තාවේ. මීටපෙරද අවස්ථා දෙකකදීම ඔහුව කොමිසමට කැඳවා තිබුණද ඔහු කොමිසම මගහරිමික් කටයුතු කර තිබිණ.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය සහ ඒ යටතේ පැවැති ආයතනවල සිදුවී තිබෙන රාජ්‍ය සම්පත් අවභාවිතය, වංචා සහ දූෂණ පිළිබඳව සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා තිබුණි.

මෙලෙස මුදල් අවභාවිතා කිරීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 100ක පමණ පාඩුවක් සිදුව ඇති බව වාර්තාවේ.

– ග්ලෝබල් දෙමළ පුවත් –