SRILANKAN NEWS

පානීය ජල බෝතල් බෙදාහැරීමේ හිමිකම දෙන බව පවසා කෝටි ගණනක් වංචා කළ පුද්ගලයන්ට ජනතාවගෙන් ගුටි බැට..

පානීය ජල බෝතල් බෙදා හැරීමේ හිමිකම ලබා දෙන බව පවසා රුපියල් කොට් හතරකට වැඩි මුදලක් වංචා කළ කණ්ඩායමකට අයත් දෙදෙනෙකුව ඊයේ ඉරිදා දින රාත්‍රීයේ අල්ලාගත් ජනතාව ඔවුන්ට පහරදීමේ සිද්ධියක් යාපනයෙන් වාර්තාවේ.

පානීය ජල බෝතල් නිපදවීමේ ආයතනයක සේවකයන් යැයි තමන්ව හඳුන්වාගත් කණ්ඩායමක් යාපනයේ විවිද ප්‍රදේශවල තිහකට අධික ව්‍යාපාරිකයන්ට ජල බෝතල් බෙදා හැරීමේ හිමිකම ලබා දෙන බව පවසා ලක්‍ෂ ගණනින් මුදල් වංචා කර තිබේ.

එම පුද්ගලයන් මුදල් ලබා ගැනීමෙන් අනතුරුව ව්‍යාපාරිකයන්ට පානීය ජල බෝතල් ලබා නොදී රවටා ඇති අතර, ඇතැම් ව්‍යාපාරිකයන්ට ලබාදුන් ජල බෝතල් සෞඛ්‍ය ප්‍රමිතයකින් තොරව නිෂ්පාදනය කළ පානීය ජල බෝතල් යැයි පවසා පාරිභෝගික අධිකාරිය විසින් එය තහනම් කර තිබේ.

මේ සම්බන්‍ධයෙන් අදාළ පුද්ගලයන්ව අමතා විමසූ ව්‍යාපාරිකයන්ට ඔවුන් තර්ජනය කර ඇති අතර, ඇතම් ව්‍යාපාරිකයන්ගේ නිවස්වලට පැමිණ තර්ජනය කර ද තිබේ. මෙවැනි තත්වයකදී රැවටීමට ලක්වූ ව්‍යාපාරිකයන් එක්වී ඉතා සැලසුම් සහගතව වෙනත් පුද්ගලයෙකුව යොදවා, පානීය ජල බෝතල් බෙදාහැරීමේ බලපත්‍රය ලබා ගැනීමට අපේක්‍ෂා කරන බවත්, තමන් සතුව මුදල් තිබෙන බවත්, අදාල මුදල පැමිණ ලබා ගන්නා ලෙස ඉකුත් වංචනිකයන්ට ඇරයුම් කර තිබේ.

එය විශ්වාස කර එහි පැමිණි එම කණ්ඩායමේ දෙදෙනෙකුව වටකරගත් ව්‍යාපාරිකයන් සහ ප්‍රදේශවාසීන් ඔවුන්ට දරුණු ලෙස පහරදි පොලීසියට භාරදී තිබේ.