SRILANKAN NEWS

සුළු ජාතිකයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්විය යුතුයි, උතුරු පළාත් සභාවෙන් කෙටුම්පතක්..

සුළු ජාතිකයන්ට එරෙහිව සිදුකරන පහරදීම් හා ප්‍රචණ්ඩත්වය හේතුවෙන් අනාගතයේදී තවත් ජාති සංහාරයක් ඇති විය හැකි තත්වයක් පවතින හෙයින් වහාම එය මැඩපැවැත්වීමට ජනාධිපති, අගමැති සහ නීතිය හා සාමය කටයුතු ඇමැතිවරයා පියවර ගත යුතු යැයි උතුරු පළාත් සභාවෙන් යෝජනා කෙටුම්පතක් සම්මත කර තිබේ.

උතුරු පළාත් සභාවේ 94 වැනි සැසිවාරය ඊයේ අඟහරුවාදා දින පැවැත්වුණි. ඉකුත් යෝජනා කෙටුම්පත ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් විසින් ඉදිරිපත් කළ අතර, විපක්‍ෂ මන්ත්‍රී ජයතිලක විසින් එය පිළිගත්තේය.

යෝජනාව ඉදිරිපත් කරමින් සිවාජිලිංගම් පවසා සිටියේ, ශ්‍රී ලංකාව තුළ අඩු සංඛ්‍යාත ජාතිකයන් සහ ආගමිකයන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියන් ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් සිංහල ක්‍රිස්තියානි ජනතාව ද පීඩාවට පත්වෙලා. මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන් හේතුවෙන් ඉදිරියේදී තවත් ජන සංහාරයක් ඇතිවිය හැක. එමෙන් එසේ සිඳු නොවීමට ජනාධිපති, අගමැති, ඇතුළු අදාළ බළධාරීන් වහාම නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතු බවය.

අනතුරුව අදාළ යෝජනා කෙටුම්පත ජනාධිපති, අගමැති, නීතිය හා සාමය අමාත්‍යවරයා වෙත යැවීමට කටයුතු කරන බව උතුරු පළාත් සභා සභාපති සි.වී.කේ. සිවඥානම් මහතා පැවැසීය.