SPORTS

ICC චැම්පියන්ස් කුසලාන – පාකිස්ථානය අවසන් පුර්ව තරගයට

ICC චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව පරදා පාකිස්ථානය අවසන් පුර්ව තරගයට සුදුසුකම් ලැබුවා. ඒ ශ්‍රී ලංකාව සමග පැවති තරගය කඩුළු 3 කින් ජයග්‍රහණය කරමින්. කාඩිෆ්හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනු පකිස්ථානයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49 යි පන්දු දෙකකදි සියලුදෙනා දැවී ලකුණු 236 ක් රැස් කළා.

නිරෝෂන් දික්වැල්ල 73 යි.නායක ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 39 යි.කුසල් මෙන්ඩිස් සහ අසේල ගුණරත්න ලකුණු 27 බැගින් ලබාගත්තා.පන්දු යැවීමේදී ජුනයිඩ් ඛාන් සහ හසන් අලි කඩුලු 3 බැගින් බිඳහෙලුවා. මොහොමඩ් අමීර් සහ ෆහීම් අශ්රෆ් කඩුලු 2 බැගින් දවාගත්තා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය පන්දුවාර 44 යි පන්දු 5 කදී කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකළා. තරගයේ වීරයා වූ නායක සෆ්රාස් අහමඩ් නොදැවී 61 යි. පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප් කඩුලු 3 ක් බිඳහෙලුවා.

ශූරයින්ගේ කුසලාන තරගාවලි 07 ක් තුල පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තරග 03ක් පවත්වා ඇති අතර ඉන් තරග දෙකක් ජය ගත්තේ පකිස්තාන කණ්ඩායමයි.මේ වන විට තරගාවලියේ ඒ කාණ්ඩය යටතේ එංගලන්තය සහ බංගලාදේශය අවසන් පුර්ව වටය සදහා සුදුසකම් ලබා සිටින අතර බී කාණ්ඩය යටතේ ඉන්දිය කණ්ඩායම අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබුවේ දකුණු අප්‍රිකාව පරාජයට පත්කරමින්. ඊයේ තරගය ජය ගැනීමත් සමග පකිස්ථාන කණ්ඩායම එංගලන්තය සමග අවසන් පුර්ව තරගයට ක්‍රිඩා කිරීමට සුදුසුකම් ලැබුවා.