SRILANKAN NEWS

යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ගේ දෙමව්පියන් ජනපතිව හමුවෙයි..

– Global Tamil News –

යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ගේ දෙමව්පියන් ජනපතිව හමුවෙයි..

යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනමු ලබන සිංහල සිසුන්ගේ දෙමව්පියන් අද (04) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ.

ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී පැවැති එම සාකච්ඡා හමුවට යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිනි මහාචාර්ය වසන්ති අරසරත්තිනම් මහත්මිය ඇතුළු පාලනාධිකාරිය ද සහභාගිවී තිබේ.

පසුගිය ජූලි මස යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට නවක සිසුන් පිළිගැනීමේ උත්සවයකදී ඇතිවූ ගැටුම්කාරි තත්වයකින් අනතුරුව විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ගේ ආරක්‍ෂාව සම්බන්‍ධයෙන් ගැටුළුකාරි තත්වයක් පවතින බවට දෙමව්පියන් විසින් පැමිණිළි කර තිබුණි.
.
යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනමු ලබන සිංහල සිසුන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙස දෙම්ව්පියන් විසින් ඉල්ලා තිබූ අතර, අද දින මේ සම්බන්‍ධයෙන් සාකච්ඡා කළ බව පැවැසේ.

– ග්ලෝබල් දෙමළ පුවත් –