SPORTS

ICC ශූරයන්ගේ කුසලානය පාකිස්තානයට

Pakistan players beating India by 180 runs to win the ICC Champions Trophy finalICC ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති ඉන්දිය කණ්ඩායමට එරෙහිව අවසන් තරගයේදි ජය හිමි කර ගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත්විය. පාකිස්තන කණ්ඩායමක් ශූරයන්ගේ කුසලානය ජයගත් පළමු අවස්ථාව මෙය වෙයි.

ලන්ඩන් ඕවල් පිටියේදී පැවැති මෛ තරඟයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 338 ක් ලබාගත්හ. පාකිස්තානු කණ්ඩායමක් ඉන්දියාවට එරෙහිව එක්දින තරගයකදී ලබාගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාවයි. එහිදී ෆාඛාර් සාමන් ලකුණු 114ක්ද, අසාර් අලී ලකුණු 59ක් සහ හොමඩ් හෆීස් ලකුණු 57ක්ද රැස් කළහ.

පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 158 පමණි. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ඉහළම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරු වූයේ හර්දික් පාණ්ඩ්යාය. ඔහු ලකුණු 76ක් රැස්කළේ පන්දු 43කිනි. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ පාකිස්තාන කණ්ඩායමේ වේග පන්දු යවන මොහමඩ් අමීර් පන්දුවාර හයක් යවා ලකුණු 16කට කඩුලු තුනක් දවාගත්තේය.

Sarfraz Ahmed's Pakistan marked their stunning turnaround with a title win in CT 17