SRILANKAN NEWS

වෙළඳසැලකට එරෙහිව කොටගල නගරයේ සෙසු ව්‍යාපාරිකයන්ගෙන් විරෝධතාවක්

කොටගල නගරයේ පිවිසුම් මාර්ගයේ අලුතින් විවෘත කිරීමට නියමිත මල් ශාලාවකට විරෝධය පළ කරමින් නගරයේ සෙසු ව්‍යාපාරිකයන් හා ජනතාව විසින් විරෝධතාවක් පවත්වා තිබේ. ඒ අනුව අද (25) පෙරවරුවේ කොටගල නගරයේ ව්‍යාපාරික ස්ථාන ද වසා දමා විරෝධතාවය පවත්වා තිබේ.

කොටගල නගරයේ අලුතින් විවෘත කිරීමට නියමිත මල් ශාලාවට අවසර ලබා නොදිය යුතු බවත්, දැනට නගරයේ මැද පවත්වාගෙන යන මල් ශාලාව වෙනත් ස්ථානයක පවත්වාගෙන යෑමට පියවර ගත යුතු යැයි පවසා මෙලෙස විරෝධතාවක් පවත්වා තිබේ.

නගර මැද කෝවිලට අසල මල් ශාලාව පවත්වාගෙන යෑමෙන් කෝවිලේ ආගමික කටයුතුවල බාධාවක් වන අතර, මංගල කටයුතු ද සිදුකිරීමට නොහැකි තත්වයක් පවතින බව විරෝධතාකරුවන් පවසා තිබේ.

මේ අතර, මේ සම්බන්‍ධයෙන් අතසන් තැබූ සංදේශයක් ද නුවරඑළිය දිස්ත්‍රික්ක ලේකම්වරයා වෙත භාරදීමට ද කටයුතු කරන බව විරෝධතාකරුවන් පවසා තිබේ.

மலர்சாலைக்கு எதிர்ப்பு தெரிவித்து கடையடைப்பு, ஆர்ப்பாட்டம்