SRILANKAN NEWS

යුද්ධ හමුදාධිපතිට උසස්වීමක්

සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 27 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ලුතිනන් ජෙනරාල් ඒ ඩබ්ලිව් ජේ සී ද සිල්වා ආර්ඩබ්ලිව්පී විඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජෙනරාල් තනතුරට උසස් කර ඇති අතර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්කර ඇත.

1980 පෙබරවාරි මස 6 වන දින යුද්ධ හමුදා සේවයට බැඳි වසර 37 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවයක් ඇති ජෙනරාල් ද සිල්වා 2015 පෙබරවාරි මස 22 වන දින සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 21 වන යුද්ධ හමුදාධිපති ලෙස කටයුතු කරන ලදි.

කොළඹ රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකු වන ජෙනරාල් ද සිල්වා යුද්ධ හමුදාව තුල ‘ක්‍රිෂාන්ත’ නමින් ප්‍රසිද්ධ වන අතර, නයනා මහත්මිය සමඟ විවාහ වී නිවුන් පුතුන් දෙදෙනෙකුගේ දයාබර පියාණන් ද වේ.