SRILANKAN NEWS

ඉරනයිතීව් ජනතාවට සති දෙකකින් විසඳුමක් – ආරක්‍ෂක ඇමැති

ජනපති සමඟ සාකච්ඡා කර ඉරනයිතීව් ජනතාවට සති දෙකකින් විසඳුමක් ලබා දෙන බව ආරක්‍ෂක කටයුතු ඇමැති රුවන් විජේවර්ධන මහතා අද (28) දින පැවැසීය.

තම පාරම්පරික ප්‍රදේශය වන ඉරනයිතීව් ගම්මානය තමන්ට ලබා දෙන්නැයි ඉල්ලා මාස දෙකකට ආසන්න කාලයක් සත්‍යග්‍රහයක නිරතව සිටින ඉරනයිතීව් ජනතාව හමුවූ අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා මේ බව පවසා සිටියේය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක ඇමැති රුවන් විජේවර්ධන, රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේස්වරන්, පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන මාවයි සේනාදිරාජා, එස්. ශ්‍රීදරන්, චාල්ස් නිර්මලනාදන්, ආගමික නායකයන් ඇතුළු පිරිසක් සහභාගිවූහ.