SRILANKAN NEWS

නව රාජ්‍ය තාන්ත්‍රිකයින් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති

නව රාජ්‍ය තාන්ත්‍රිකයින් ජනපතිට අක්ත පත්‍ර භාර දෙතිශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරයෙකු අද (28) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.

ටියුනීසියාව, ස්පාඤ්ඤය සහ ජෝජියාව සඳහා නව තානාපතිවරුන් ද සීෂෙල්ස් රාජ්‍ය සදහා නව මහකොමසාරිස්වරයෙක් ද මෙලෙස පත්වී සිටී.

ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

01. Mr. Nejmeddine Lakhal    – Ambassador –  designate of the Republic of Tunisia
02. Mr. Jose Ramon Baranano Fernandez –  Ambassador – designate of Spain
03. Mr. Archil Dzuliashvil  –    Ambassador –  designate of Georgia
04.Mr. Conrad Mederic  – High Commissioner – designate of the Republic of Seychelles

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.