SRILANKAN NEWS

මයිලඩි ධීවර වරාය ඇතුළු ඉඩම් හෙට දින නිදහස් කරයි..

මයිලඩි ධීවර වරාය ඇතුළු තවත් ඉඩම් අක්කර 54 ක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් හෙට සඳුදා (03) දින පවත්වනු ලබන උත්සවයකින් නිදහස් කිරීමට නියමිත බව වාර්තාවේ.

මෙම ඉඩම් නිදහස් කිරීමත් සමඟ මයිලඩි ප්‍රදේශයේ අවතැන් වු පවුල් ගණනාවකට නැවත ඔවුන්ගේ මුල් ඉඩම් වල පදිංචිවීමට නිදහස ලැබෙනු ඇත.

මීට පෙර ද යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් ඌරණි ප්‍රදේශයේ අක්කර 35 ක් මුල් අයිතිකරුවන් වෙත 2017 අප්‍රේල් 07 වන දින එම මූලස්ථානය විසින් නිදහස් කර ලබා දී ඇත.