SRILANKAN NEWS

මුස්ලිම් පක්‍ෂ සන්ධාන ගතවීම ගැන අවධානය යොමු කරයි..

මුස්ලිම් පක්‍ෂ සියල්ල සන්ධාන ගතවීම ගැන අවධානය යොමු කර ඇති බව පැවැසේ. රටේ සියුළු මුස්ලිම් ප්‍රජාව එක්රැස් කිරීමේ අරමුණින් මෙලෙස සන්ධාන පක්‍ෂයක් පිහිටුවීමට තීරණය කර තිබේ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී මෙලෙස මුස්ලිම් පක්‍ෂ සියල්ල සන්ධාගතව තරඟ කිරීමට නියමිත බවත්, මීට අදාළ සාකච්ඡාවන් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් හසන් අලි මහතා පවසා තිබේ.

උතුරේ දෙමළ ජනතාව ඔනෑම ප්‍රශ්ණයකට නිර්භීතව මුහුණදීමට ඔවුන්ගේ එකමුතුව ප්‍රධාන හේතුවක් වී ඇති බවත් මුස්ලිම් සමාජය තුළ එවැනි එකමුතුවක් දැක්නට නොමැති බව ද හෙතෙම පෙන්වාදී තිබේ.

එවැනි සන්ධානයක් පිිහිටුවිය යුතු යැයි මුස්ලිම් බුද්ධිමතුන් දිගින් දිගටම ඉල්ලා සිටින බවත්, බොහෝ විට මුස්ලිම් පක්‍ෂ ප්‍රධාන පක්‍ෂවලට ආණ්ඩු පිහිටුවීමට සහයෝගය ලබාදීමේ කටයුත්ත කරමින් සිටින බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.