SRILANKAN NEWS

නව ආණ්ඩුකාරවරයා සමඟ එක්වී කටයුතු කිරීමට සූදානම් – නැ. මහ ඇමැති

නැගෙනහිර පළාත සඳහා වූ නව ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා සමඟ එක්වී කටයුතු කිරීමට නැගෙනහිර පළාත් සභාව සූදානම් බව නැගෙනහිර පළාත් මහ ඇමැති හාෆිස් නසීර් අහ්මද් මහතා පවසයි.

තවද පරිපාලන ආයතන දෙකම එක්වී සමඟියෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් යුද්දයෙන් පීඩාවට පත්වූ නැගෙනහිර පළාත පහසුවෙන් සංවර්ධනය කළ හැකි බවද හෙතෙම පවසා තිබේ.

නැගෙනහිර පළාතේ ත්‍රිවිධ ජාතිකයන්ම එකමුතුවෙන් ජීවත්වන අවස්ථාවක රටේ අනෙකුත් ප්‍රදේශවල මෙන් නැගෙනහිර පළාත තුළ ද ජාති භේදයක් ඇති කිරීමට ඇතම් දුෂ්ඨ බලවේග උත්සහ කරමින් සිටින තත්වයක ජාති ආගම් භේදයකින් තොරව කටයුතු කළ දේශපාලකයෙක් යැයි ජනතාවගේ ප්‍රසාදයට පාත්‍රවූ රෝහිත බෝගොල්ලාගම මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්වීම නැගෙනහිර පළාතයෙහි ජාතික එකමුතුව හා සහජීවනය තවඳුරටත් ශක්තිමත් කිරිමට රුකුලක් වනු ඇතැයි තමන් විශ්වාස කරන බව මහ ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.