SRILANKAN NEWS

කොන්දේසි යටතේ ඉන්දීය යාත්‍රාවන් නිදහස් කරනු ලැබේ

කොන්දේසි යටතේ ඉන්දිය ධීරව යාත්‍රාවන් නිදහස් කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. දැඩි කොන්දේසි මත ඉන්දිය ධීවර යාත්‍රාවන් කිහිපයක් නිදහස් කරන බවත්, කෙසේ නමුත් මෙතෙක් කිසිඳු යාත්‍රාවක් නිදහස් කර නොමැති බවද හෙතෙම පෙන්වාදී තිබේ.

දේශීය ධීවරයන් විරෝධය පළ නොකරන්නේ නම් කොන්දේසි මත නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන්ගේ යාත්‍රාවන් නිදහස් කළ හැකි බව හෙතෙම පවසා තිබේ. කෙසේ නමුත් අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු කළාපය තුළට පැමිණෙන ඉන්දිය ධීවරයන්ව අත්අඩංගුවට ගැනීම දිගටම සිදුකරන බවද පවසා තිබේ.

ඉන්දිය ධීවරයන් විසින් සිදුකරන  පතුල මත ඇදගෙය යාමේ පන්න ක්‍රමය හේතුවෙන් උතුරේ ධීවරයන් දැඩි ලෙස බාධාවට පත්ව සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.