SRILANKAN NEWS

ගෝඨාභයගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපක්ෂ මහතා තමා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

ඊයේ(07) මහනුවරදී මහා නායක හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව තමාව අත්අඩංගුවට ගත් බවට ගෝඨාභය රාපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය සාවද්‍ය බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

එවැනි කිසිඳු ප්‍රකාශයක් තමා විසින් සිදුකර නොමැති බව මහින්ද අමරවීර අමාත්‍යවරයා අද දෙරණට කියා සිටියේය.