SRILANKAN NEWS

අපේ සම්පත් ආරක්‍ෂ කර ගැනීමට සැකසූ නීතිය කලු නීතියක් ද?

අපේ රටේ ඉදිරිපත් කළ ව්‍යවස්තානුකූල නීතිය හෙලාදැක තමිල්නාඩුවේ පවත්වන විරෝධතාවය අනවශ්‍ය කටයුත්තකි. එය දේශපාලන වාසි තකා සිදුකරන විරෝධතාවක් බව උතුරු පළාත් ධීවර ජාලයේ ලේකම් සුප්පරමනියම් පවසයි.

යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් පවසා සිටියේ,

තමිල්නාඩුවේ විපක්‍ෂ නායක ස්ටෑලින් මෙම පනතට කලු නීතිය යැයි නම් කර තිබේ. අපේ රටේ අපේ සම්පත් ආරක්‍ෂා කර ගැනීමේ අප රජය විසින් මෙම නීති පනත ඉදිරිපත් කර තිබේ. අප රටතුලට අනවසරයෙන් පැමිණ අපගේ සම්පත් මංකොල්ල කෑම මැඩපැවැත්වීම සඳහා ඉදිරිපත් කළ නීති පනත කළු නීතියක් ද? ඔවුන්ගේ රටේ සම්පත් නැති නම් එම රටේ ජනතාවට සම්පත් හෝ තැනක් පෙන්වාදීම එම රටේ නායකයන්ගේ වගකීමකි. එය හැර වෙනත් රටකට නීතිවිරෝධි ලෙස ඇතුල්වී සොරකම් කරගෙන එන්නැයි උනන්දු කරනවාද?

අද අපේ රටේ පනත හෙලාදැක ඔවුන්ගේ රටේ පවත්වාගෙන යන විරෝධතාවය අනවශ්‍ය කිසිඳු පදනමක් නැති ක්‍රියාවකි. එය දේශපාලන වාසි තකා වයිකෝ, ස්ටෑලින් සහ රාමදාස් කිඹුල් කඳුලු සලන්නේ තමිල්නාඩු ධීවරයන්ව රැවටීමට බව උතුරු පළාත් ධීවර ජාලයේ ලේකම් සුප්පරමනියම් වැඩිදුරටත් පැවැසීය.