SRILANKAN NEWS

එ.ජා. නියෝජිතයන් දෙමළ දේශපාලන සිරකරුවන් හමුවෙයි..

දින පහක සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු බෙන් එමර්සන් ඇතුළු නියෝජිතයන් පිරිසක් ඊයේ (12) බදාදා දින වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් සසිමහේන්ද්‍රන් මහතාගේ නායකත්වයෙන් යුතු විනිසුරුවරුන් හමුවී සාකච්ඡා කර තිබේ.

ත්‍රස්ත මර්ධන පනතා ක්‍රියාත්මකවීමේදී මානව හිමිකම් තත්වය ගැන සොයා බැලීමට බෙන් එමර්සන් මහතා දිවයිනට පැමිණ සිටියි. ප්‍රථමයෙන් බෙන් එමර්සන් මහතා ඇතුළු නියෝජිතයන් පිරිස අනුරාධපුරය බන්‍ධනාගාරයට ගොස් එහි වසර අටකට අධික කාලයක් ත්‍රස්ත මර්ධන පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් හමුවී සාකච්ඡා කර තිබේ.

මේ අතර, ත්‍රස්ත මර්ධන පනත යටතේ අත්අඩංගුවට ගෙන නිදහස් වූ දෙමළ දේශපාලන සිරකරුවන් කිහිප දෙනෙකුව ද බෙන් එමර්සන් මහතා ඇතුළු නියෝජිතයන් වව්නියාවේදී හමුවී ඔවුන්ගේ වත්මන් තත්වය ගැන සාකච්ඡා කළ බවද වාර්තාවේ.