SRILANKAN NEWS

ප්‍රබාකරන්ව බේරා ගැනීමට උත්සහ කළේ නැහැ – රොබට් ඕ බිලේක්

කොටි සංවිධානයේ නායක වෙලුපිල්ලේ ප්‍රබාකරන්ව බේරා ගැනීමට උත්සහ නොකළ බව දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම් රොබට් ඕ.බේලේක් මහතා පවසයි. ප්‍රබාකරන්ව බේරා ගැනීමට උත්සහ කළැයි කියන ප්‍රචාරයන් හුදෙක් උපකල්පන පමණක් බව ඔහු පවසා තිබේ.

තවද කොටි සංවිධානයට අයත් නෞකා ඇමරිකාව විසින් විනාශ කළ බව කියන තොරතුරු ද අසත්‍ය බවත්, කෙසේ නමුත් කොටි සංවිධානයට අයත් නෞකා පිළිබද බුද්ධි තොරතුරු ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබාදුන් බවද හෙතෙම පවසා තිබේ.

2006 සිට 2009 දක්වා තමන් ශ්‍රී ලංකාවේ තානාපතිවරයෙකු කටයුතු කළ බවත්, කාලයෙන් කාලයට ප්‍රචාරය වන අසත්‍ය තොරතුරු හා උපකල්පන කතා සම්බන්‍ධයෙන් පැහැදිළි කිරීමක් ලබාදීම අවශ්‍ය බව ද හෙතෙම පවසා තිබේ.

ප්‍රබාකරන්ව බේරා ගැනීමේ අරමුණින් දහස් ගණනක අවතැන් ජනතාව පුදුකුඩිඉරුප්පු සිට පිටත් කිරීමට උත්සහ කළැයි එල්ලවන චෝදනා අසත්‍ය බවත්, කොටි සංවිධානයට උදව් කිරීමේ කිසිඳු අරමුණක් නොතිබූ නමුත් අහිංසක සිවිල් ජනතාව බේරා ගැනීමට දැඩි උත්සහක නිරතවූ බව හෙතෙම පවසා තිබේ.

2015 මැතිවරණය ශ්‍රී ලංකාව තුළ විශාල වෙනසක් ඇති කළ බවත්, ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීම ඇතුළු විවිද කරුණු සම්බන්‍ධයෙන් වත්මන් රජය වැඩි උනන්දුවක් දක්වන නමුත් අතුරුදන්වූවන් පිළිබඳ කාර්‍යාලය ඇතුළු කටයුතු රැසක් පිළිබඳව නිසි ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කර නැති බව රොබට් ඕ බිලේක් මහතා වැඩිදුරටත් පවසා තිබේ.