SRILANKAN NEWS

උතුරු පළාත් ප්‍රවාහන ඇමැතිව ධූරයෙන් ඉවත් කිරීමට මහ ඇමැති තීරණය කරයි..

උතුරු පළාත් ප්‍රවාහ ඇමැති පා. ටෙනිස්වරන්ව, (ටෙලෝ) පක්‍ෂයේ ඉල්ලීමකට අනුව ධූරයෙන් ඉවත් කිරීමට උතුරු පළාත් මහ ඇමැති සි.වි. විග්නේෂ්වරන් මහතා පියවර ගෙන තිබේ.

උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම ඇැති පී. අයියන්කරනේසන් සහ අධ්‍යාපන ඇමැති ටි. කුරුකුලරාසා යන දෙදෙනාව ධූරයෙන් ඉවත් කිරීමේ අර්බුදය නිමාවීමට පෙර මහ ඇමැතිවරයා විසින් මෙම තීරණය ගෙන තිබේ.

ටෙලෝ පක්‍ෂයේ ලේකම් එන්. ශ්‍රීකාන්දා විසින් පසුගිය 13 වනදා මහ ඇමැතිවරයා වෙත ලිපියක් එවා තිබුණි. එහිදී තම පක්‍ෂ නියෝජනය කර උතුරු පළාත් සභා අමාත්‍ය ධූරයේ සිටින පි. ටෙනිස්වරන් මහතාට තවඳුරටත් එහි කටයුතු කිරීමට ඇති සුදුසුකම් අහිමිවී ඇතැයි පක්‍ෂය තීරණය කළ බව සඳහන් කර තිබේ. එමෙන් ටෙනිස්වරන්ව එම ධූරයෙන් ඉවත්කර ඔහු වෙනුවෙන් තම පක්‍ෂ විසින් යෝජනා කරන වෙතත් පුද්ගලයෙකුව පත්කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා තිබේ.

ඒ අනුව, උතුරු පළාත් මහ ඇමැතිවරයා විසින් මෙලෙස පී. ටෙනිස්වරන් මහතාව අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

මීට පෙරදී, දූෂණ චෝදනා සම්බන්‍ධයෙන් උතුරු පළාත් මහ ඇමැතිවරයා විසින් සිදුකළ පරීක්‍ෂණවලට අනුව ඉදිරි ක්‍රියාමාර්ගය ගන්නා තෙක් උතුරු පළාත් අමාත්‍යවරුන් වන පි. සත්‍යලිංගම් සහ පී. ටෙනිස්වරන් යන දෙදෙනාට මාසයක කාලයක් සිය ධූරවලින් තාවකාලිකව ඉවත්වන ලෙස මහ ඇමැතිවරයා විසින් නියෝග කර තිබුණි.