SRILANKAN NEWS

මුදල් විශුද්ධිකරණය පිළිබඳ 20වන වාර්ෂික සමුළුව අද

මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ 20වන වාර්ෂික සමුළුව අද (17) සිට 21දා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවීමට නියමිත මෙම සමුළුවට සාමාජික රටවල් 41ක් සහ විවිධ අන්තර්ජාතික නිරීක්ෂණ සංවිධාන රැසක නියෝජනය සහිත දේශීය සහ විදේශීය ආරාධිතයින් 450ක් පමණ සහභාගිවීමට නියමිත බව වාර්තාවේ.

මෙම කලාපීය කණ්ඩායමසිය සාමාජික රටවල මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිණිස ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මූල්‍ය කාර්ය සාධක බලකායේ නිර්දේශ 40ක්‍රමවත් අයුරින් ස්ථාපනය කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ ව නිරීක්ෂණය කරනු ලබයි.

මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 13ක ප්‍රධානත්වයෙන් 1997 වසරේ දී තායිලන්තයේ බැංකොක් නුවරදී ආරම්භ කරන ලදී.