SRILANKAN NEWS

අල්ලස් ගත් ග්‍රාම නිළධාරියෙකු අත්අඩංගුවට

අල්ලස් මුදලක් ලබාගත් කඩුවෙල ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයට අනුයුක්තව කටයුතු කරන ග්‍රාම සේවා නිළධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව විසින් අද (17) දින අත්අඩංගුවට ගෙන තිබේ.

අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකුගේ නම් ජන්ද නාම ලේඛනයට ඇතුලත් කිරීම සඳහා ඔහු විසින් රුපියල් 3000ක අල්ලස් මුදලක් ලබාගත් බව වාර්තාවේ.