SRILANKAN NEWS

ජාතික සංහිඳියාව සඳහා රජය දරන උත්සහය ප්‍රශංසනීයයි – සිංගප්පූරු විදේශ ඇමති

ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා රජය දරන උත්සාහය ප‍්‍රශංසනීය බව සිංගප්පූරු විදේශ අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා පවසා තිබේ.

සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී මේ බව පවසා තිබේ.

ශ‍්‍රී ලංකාවේ බලශක්ති, අධ්‍යාපන හා තාක්ෂණික යන අංශවල ආයෝජනයන්ට සිංගප්පුරුව සූදානම් බවත් දැනටමත් සිංගප්පුරු ආයෝජකයින් 300 කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකර තිබෙන බව ද පවසා තිබේ.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට ඉදිරියේදී කැපවී කටයුතු කරන බව ද සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.