SPORTS

ඉන්දිය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි..

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයකට සහභාගී වීම සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ සිටියි.

ශ්‍රී ලංකාව සමග ටෙස්ට් එක්දින හා පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා සංචාරක ඉන්දීය කණ්ඩායම පැමිණ සිටින අතර, දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන 26වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලියේ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා නායකයා ලෙසත්, ඉන්දීය නායකයා ලෙස විරාට් කෝලිත් එක්වනු ඇති. දිවයිනට පැමිණී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලට මෙරට ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් සහභාගීවූහ.