SRILANKAN NEWS

කේප්පාපිලවු ඉඩම් නිදහස් කිරීමේ කටයුත්ත රැවටීමක් – පාර්ලිමෙන්තු මන්ත්‍රී සාන්දි

හමුදාව විසින් අත්පත්කරගෙන සිටින කේප්පාපිලවු ප්‍රදේශයේ ඉඩම් අක්කර 180ක් යළි ජනතාවට ලබා දෙන බවට දැන්වීම් පළ කරමින් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යවරයා ඊයේ බදාදා දින මෙහි පැමිණියා.

නමුත් ඔහු විසින් නිදහස් කරන බව පැවැසූ ඉඩම් දින 142ක කාලයක් සත්‍යග්‍රහයේ නිරතව සිටින ජනතාවට අයත් ඉඩම් නොවන බවත්, මධ්යම පන්තිකයන් හය දෙනෙකුට ලබාදුන් ඉඩම හා රජයට අයත් ඉඩම් නිදහස් කරන බවට තීරණය කර තිබේ.

නමුත් දැන් එම ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් යැයි සලකුණු කර තිබේ. තවද මධ්‍යම පංතියේ ඉඩම් අයිතිකරුවන් හය දෙනා දැනට රට තුළ නොසිටින හෙයින් අමාත්‍යවරයා මෙම ඉඩම් නිදහස් කරන්නේ කව්රුන් වෙනුවෙන් දැයි? මන්ත්‍රීවරයා ප්‍රශ්ණ කර තිබේ.

මාස කිහිපයක් තිස්සේ සත්‍යග්‍රහයක නිරතව සිටින ජනතාවට අයටත් ඉඩම් කැබැල්ලක් හෝ නිදහස් කිරීමට නොහැකි අමාත්‍යවරයා ජනතාවගේ දැඩි විරෝධතාවය හමුවේ ඉතා උත්වසවාකර්ශනීයව සිදු කිරීමට සැලසුම් කළ උත්සවය අත්හිටුවා ගියේය. ජනතාවගේ සාධාරණීය ඉල්ලීමට ගරු කර කඩිනමින් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යනරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමෙන්තු මන්ත්‍රී සාන්දි පවසා තිබේ.