SRILANKAN NEWS

විවිධ ක්ෂේත්‍රයන් තුළ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ එ.ජා. සංවිධානය ප්‍රසාදය පළ කරයි..

ශ්‍රී ලංකාව විවිධ ක්ෂේත්‍රයන් තුළ ලබා ඇති ප්‍රගතිය එක්සත් ජාතීන්ගේ පැසසුමටඅද ශ්‍රී ලංකාව විවිධ ක්ෂේත්‍රයන් තුළ ලබා ඇති ප්‍රගතිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුමට ලක්ව තිබෙන බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබද සහකාර මහලේකම් ජෙෆ්ර් පෙල්ට්මන් (Jeffrey Feltman) මහතා පවසයි.

දිවයිනට පැමිණ සිටින ජෙෆ්රි පෙල්ට්මන් මහතා (21) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී මේ බව පවසා තිබේ.

නියගය, ජල ගැල්ම සහ නායයාම් වැනි සොබාදහමේ වෙනස්වීම් සමග මුහුණදීමට සිදුව තිබෙන දුෂ්කරතා සමග මෙන්ම උතුරේ සහ දකුණේ ඇතැම් අන්තවාදී කොටස්වලින් එල්ලවන බලපෑම් හමුවේ සියලූ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් රට සංවර්ධනය කරා ගෙනයාමට රජය ගන්නා වූ ප්‍රයත්නයට එක්සත් ජාතින්ගේ සංවිධානයේ අඛණ්ඩ සහය හිමිවන බව ද සහකාර මහලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබේ.