SRILANKAN NEWS

සම්බන්‍ධන් සහ විග්නේෂ්වරන් අතර හමුවක්!

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන් මහතා සහ උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා අතර අද (23) සාකච්ඡා හමුවක් පැවැත්ව තිබේ. කොළඹදී පැවැති එම සාකච්ඡා හමුවේදී උතුරු පළාත් සභාවේ වත්මන් තත්වය ඇතුළු කරුණු රැසක් සම්බන්‍ධයෙන් සාකච්ඡා කළ බව පැවැසේ.

එහි පවතින තත්වය ගැන තීරණයක් ගැනීමට පෙර දෙමළ ජාතික සන්ධානයේ සන්ධාන ගත පක්‍ෂවල නායකයන් සියළු දෙනා සමඟ සාකච්ඡා කළ යුතු යැයි එහිදී තීරණය කර තිබේ. ඒ වනතෙක් උතුරු පළාත් සභාවට ඉදිරිපත් කළ යෝජනා ඇතුළු සභාවට ඉදිරිපත් කරන මතභේදාත්මක කටයුතු කල් තබන බවද එකඟවී තිබේ.