SRILANKAN NEWS

රවී කරුණානායක අදත් බැඳුම්කර කොමිසම මහහරියි

මහ බැංකුවේ වංචාසහගත බැඳුම්කර නිකුතුව සිදු වූ සමයේ මුදල් ඇමතිව සිටිති වත්මන් විදේශ කටයුතු ඇමති රවී කරුණානායක මහතා අද (26) දිනයේද බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශනයට පත් කළ බැඳුම්කර කොමිසම හමුවට නොපැමිමෙණ බව දන්වා ඇතැයි වාර්තා වේ.

ඊයේ (25) දින එම කොමිසම හමුවට පැමිණෙන ලෙස මීට පෙර ඔහුට දන්වා තිබූ අතර තමන්ට කැබිනට් මණ්ඩලයට යාමට අවශ්‍ය බව සඳහන් කරමින් ඊයේ දිනයේ රවී කරුණානායක අමාත්‍යවරයා කොමිසම මග හැර ගියේ ය.

එමෙන්න තමන්ට අද දින කොමිසම හමුවට පැමිණිය හැකි බව ඒ මහතා සිය නීතීඥවරයා මාර්ගයෙන් කොමිසම දැන්වත් කර සිටියද අමාත්‍යවරයා අද දිනද පැමිණය නොහැකි බව මේ වනවිට කොමිසමට දන්වා ඇති බව පැවසේ. ඒ අද දින තන්ට ආරක්ෂක මන්ඩල රැස්වීමට යාමට අවශ්‍ය බව සඳහන් කරමිණි.

කෙසේ නමුත් මෙම කොමිසම හමුවේ පසුගිය 24වනදා අනාවරණය වූයේ බැඳුම්කර වංචාවේ ප්‍රධාන හවුල් කරුවෙකු වන අර්ජුන් ඇලෝසියස් මහතා විසින් රුපියල් ලක්ෂ 1650ක මුදලකට නිවසක් මිලදීගෙන රවී කරුණානායක මහතාගේ පරිහරණයට ලබා දී ඇති බවය.

ඒ අනුව හැකි ඉක්මනින් රවී කරුණානායක මහතා කොමිසම හමුවට කැඳවීමට එහිදී කොමිසම තීරණය කර තිබිණ.