SRILANKAN NEWS

යාපනය අධිකරණයේදී රිමාන්ඩ් භාරයේ සිටි සැකරුවකු පලා යයි

යාපනය අධිකරණය විසින් රිමාන්ඩ් භාරයේ තබන්නැයි නියෝග කළ රිමාන්ඩ් සිරකරුවකු බන්‍ධනාගාර ආරක්‍ෂයන්ගෙන් මිදී පලා ගොස් තිබේ. අද (27) දින සොරකම් කිරීමේ වරදකට සුන්ඩුකුලි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුව රිමාන්ඩ් භාරයේ තබන්නැයි විනිසුරුවරයා විසින් නියෝග කළේය.

ඒ අනුව බන්‍ධනාගාර නිළධාරින් සැකකරුව රිමාන්ඩ් භාරයේ තබා සිටි අවස්ථාවේ ඔහු එහි සිට පලා ගොස් තිබේ. පලා ගිය සැකකරුව අත්අඩංගුවට ගැනීම සඳහා බන්‍ධනාගාර නිළධාරින් සහ අධිකරණයේ ආරක්‍ෂක කටයුතුවල නිරතව සිටි පොලිස් නිළධාරින් උත්සහ කළ නමුත් ඔවුන්ගෙන් බේරී සැකකරු පලා ගොස් ඇති බව වාර්තාවේ.

අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.