SRILANKAN NEWS

විනිසුරුට සහාය පළ කර අතුරුදන්වූවන්ගේ ඥාතීන් උද්ගෝෂණයක!

අතුරුදන්වූවන්ගේ ඥාතීන් විනිසුරුවරයාට සහාය පළ කර කිලිනොච්චියදී උද්ගෝෂණයක් පවත්වා තිබේ. එම උද්ඝෝෂණය අද (27) පෙරවරු 10ට පමණ කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල ඉදිරිපිට පැවැත්වුණි. එහිදී අදහස් ප්‍රකාශ කළ ජනතාව පවසා සිටියේ,

නල්ලූර් ප්‍රදේශයේ සිඳුවූ වෙඩි තැබීම දෙමළ පුද්ගලයෙකු ලවා සිදුකර ඇති බවත්, සිද්ධිය සම්බන්‍ධයෙන් අපක්‍ෂපාති පරීක්‍ෂණයක් සිදු කළ යුතු යැයි අවධාරණය කළේය.

එහිදී අදහස් ප්‍රකාශ කළ දේශපාලන සිරකරුවන්ව නිදහස් කිරීම සඳහා වූ සංගමයෙහි සභාපති සක්තිවේල් පියතුමන් පවසා සිටියේ, අතුරුදන්වූවන්ගේ ප්‍රශ්ණයට හේතුව දෙමළ දේශපාලන නායකයන් බවත්, යුරෝපා සංගමය කොටි සංවිධානයට එරෙහි තහනම් ඉවත් කිරීම සම්බන්‍ධයෙන් ශ්‍රී ලංකා රජය තෘප්තියට පත් නොවන නමුත්, කොටි සංවිධානයට එරෙහි තහනම ඉවත් කිරීම තුළින් දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම පිළිගෙන තිබීම පෙන්වා දෙන බවද පවසා සිටියේය.