SRILANKAN NEWS

මහින්ද ත්‍රස්ත ව්‍යාපාරයක් ආරම්භ කරන්න යනවාද ?- විජයමුණි

– Global Tamil News –

මහින්ද ත්‍රස්ත ව්‍යාපාරයක් ආරම්භ කරන්න යනවාද ?- විජයමුණි

මහින්ද රාජපක්ෂ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යනවාදැයි තමන් නොදන්නා බව අමාත්‍ය විජිත් විජයමුණි මහතා පවසනවා.ශ්‍රීලනිප මූලස්ථානයේදී අද මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් ඒ මහතා මේ බව සදහන් කළා.

මේ ඔහු එහිදී පල කළ අදහස්.

“ඊයේ දිනය ගැන කනගාටුයි. වනචාරි විදියට හූ කියාගෙන මෙතනින් ගියා. මේ රටේ ජනතාව දැක්කා ඒ අයගේ පාද  යාත්‍රාව. හැබැයි ඒ අයට ආණ්ඩු පෙරළන්න බෑ. ඒ අයගේ. කෙණ්ඩනම් පෙරළෙන්න ඇති මහනුවර ඉඳලා කොළඹ ඇවිල්ලා.

මහින්ද එදා පක්ෂයේ සභාපතිකම මෛත්‍රිපාල සිරිසේන මහතාට බාරදුන් අවස්ථාවේ මෙන්න මෛත්‍රී මගේ පුතා කියා නාමල් බාරදුන්නානම් අද නාමල්ට පාරේ ජෝගි නටන්න දෙන්නේ නෑ.  පුතා ඔහොම කරන්න එපා කියලා කියනවා. ඒ ගොල්ලෝ කුලවාදී, ජාතිවාදී, අන්තවාදී තව ස්ටෙප් එකක් තියෙනවා ඒකතමයි ත්‍රස්තවාදී. යන්න නෙවෙයි ආයේ එන්නේ කියද්දී මම දන්නේ නෑ මහින්ද රාජපක්ෂ මහත්තයා ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ආරම්භ කරන්න යනවාද කියලා.

නමුත් එතුමා දැනගන්න ඕන ගරුත්වය රැකගන්න. ඒ අය එහෙම එනවා නම් අපිත් සුදානම් අභියෝගවලට මුහුණදෙන්න. මෛත්‍රිපාල සිරිසේන කියන්නේ කැඳ කෝමාරිකා සෙවල බණ්ඩක්කා නොවෙයි.එතුමා තනියම එළියට බැහැලා දිනුවේ. ඔය කියපු මහලොකු නායකයෝ තමයි පැරැද්දුවේ. අපි හිටියෙත් නෑ. අපි ආවේ ජනවාරී 8 වැනිදායින් පස්සේ.”

– ග්ලෝබල් දෙමළ පුවත් –