SPORTS

ක්‍රිකට් තරඟාවලියක් සඳහා පාකිස්තානය කළ ආරාධනාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්‍ෂේප කරයි..

ක්‍රිකට් තරඟාවලියක් සඳහා පාකිස්තානය කළ ආරාධනාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්‍ෂේප කර ඇති බව වාර්තාවේ. ලබන ඔක්තෝබර් මාසයේ ලාහෝර් නුවරදී පන්දුවාර විස්ස කි‍්‍රකට් තරග දෙකකට එක්වන ලෙස පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ශී‍්‍ර ලංකාවට ආරාධනා කර තිබේ.

කෙසේ නමුත් පසුගියදා ලාහෝර් නුවර සිඳුවූ බෝම්බ ප්‍රහාරයකින් අනතුරුව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් එම ආරාධනය ප‍්‍රතික්‍ෂේප කර තිබේ. මෙම බෝම්බ ප‍්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ලාහෝර්හි ආරක්ෂාව සම්බන්ධයෙන් යළිත් අර්බුදකාරි තත්වයක් ඇතිව තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් පසුව විස්සයි විස්ස තරග දෙකක් ලාහෝර් නුවරදී පැවැත්වීමට සැලසුම්කර තිබූ නමුත්, ලාහූර් නුවර පවතින ආරක්‍ෂාව පිළිබඳ අර්බුදකාරි තත්වය හේතුවෙන් පාකිස්තාන සංචාරය ප්‍රතික්‍ෂේප කරන බව පැවැසේ.

2009 වසරේ ලාහෝර් නුවරදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් කී‍්‍රඩකයින් 7 දෙනෙකු තුවාලවූහ.