SRILANKAN NEWS

ළහිරු වීරසේකර ඇතුළු විශ්ව විද්‍යාල සිසුන් පස් දෙනා යළි රිමාන්ඩ්

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර ඇතුළු විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් පස් ‍දෙනෙකු ලබන 04 වැනි දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් කඩා වැදී එහි දෙපළවලට හානි කිරීමේ චෝදනාව යටතේ ළහිරු වීරසේකර ඇතුළු ශිෂ්‍යයින් පස් දෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.