SRILANKAN NEWS

තුන්නාලයි ප්‍රදේශයේ වැටලීමක් – තිදෙනෙකු අත්අඩංගුවට

යාපනය වඩමරාච්චිය තුන්නාලයි ප්‍රදේශයේදී පොලිසිය සහ විශේෂ කාර්‍ය බළකාය එක්ව කළ මෙහෙයුමකින් අනතුරුව ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්‍ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය මස 9වනදා නීතිවිරෝධි වැඩි ජාවාරමක නිරතවූ පුද්ගලයන් වෙත පොලිසිය කළ වෙඩි තැබීමකින් තුන්නාලයි ප්‍රදේශයේ පදිංචි යෝගරාස් දිනේෂ් නැමැති තරුණයෙකු ජීවිතක්‍ෂයට පත්වුණි. ඉන් අනතුරුව ප්‍රදේශවාසීන් විසින් පොලිසියට එරෙහිව සිඳුකළ විරෝධතාවකදී විරෝධතාකරුවන් කිහිප දෙනෙකු විසින් ප්‍රදේශයේ පිහිටි පොලිස් මුරපොළ විනාශ කර තිබුණි.

තවද මාර්ගයේ ටයර් ගිනි තබා ගමනා ගමන කටයුතුවලට බාධා කළ අතර, ආරක්‍ෂක කටයුතුවල නිරතව සිටි පොලිසියට ද පහරදී තිබුණි. ඉකුත් ප්‍රචණ්ඩ ක්‍රියාවන් ගැන කළ විමර්ශණවලට අනුව අද (5) පෙරවරුවේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකළ අතර, එහිදී ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරතවූ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තවද නිසි බලපත්‍රයකින් තොරව නිවස්වල ගාල්කර තිබූ වැලි ප්‍රවාහන කරන වාහන හයක් සහ යතුරු පැදි දහයක්ද පොලිස් භාරයට ගත් අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කළේය.