SRILANKAN NEWS

නන්දිකඩාල් දකුණු පැත්තෙන් පමණක් විශාල හමුදා කඳවුරු 11ක්

මුල්ලතිව් දිස්ත්‍රික්කයේ නන්දිකඩාල් ප්‍රදේශයේදී 2009 වසරේදී කොටි සංවිධානය හා රාජ්‍ය හමුදාව අතර අවසන් යුද්දය පැවැත්වුණි. වට්රාපලයි සිට පුදුකුඩිඉරුප්පු දක්වා වූ මාර්ගයේ නන්දිකඩාල් අවට ප්‍රදේශයේදී පමණක් හමුදා කඳවුරු 11ක් ඉදිකර තිබේ.

කේප්පාපිලවු ප්‍රදේශයේ අක්කර 400ක ජනතා ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා දින 156ක කාලයක් ජනතාව සත්‍යග්‍රහයක නිරතව සිටිති. තව ඉඩම් නිදහස් කරන තෙක් තම සත්‍යග්‍රහය පවත්වාගෙන යන බවට එම ජනතාව පවසා සිටිති. එහිදී පවුල් 138ක් පීඩාවට පත්ව සිටින බව වාර්තාවේ.

කේප්පාපිලවු ප්‍රදේශයේ පිහිටි මුල්ලතිව් ප්‍රධාන හමුදා මූලස්ථානය හැර නන්දිකඩාල් දකුණු ඉවුර දක්වා විශාල හමුදා කඳවුරු 10ක් ඉදිකර තිබෙන අතර, එහිදී අක්කර දහස් ගණනක ඉඩම් අත්පත්කරගෙන තිබේ.

මුල්ලතිව් හමුදා මූලස්ථානය ඉදිරිපිට තිබෙන නන්දිකඩාල් දකුණු ඉවුර දක්වා පිහිටා ඇති හමුදා කඳවුරු පිළිබඳ දැන්වීම් පුවරුව තුළින් එම ප්‍රදේශයේ පිහිටි හමුදා කඳවුරු සහ මිලිටිකරණය ගැන දැකගත හැක.