SRILANKAN NEWS

හිටපු IP ප්‍රින්ස් ගුණසේකරට මරණ දඬුවම

අනුරාධපුර අධිකරණ සංකීර්ණය ඉදිරිපිට මාර්ගයේදී කාන්තාවක වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට වරදකරු වූ අනුරාධපුර පොලිසියේ හිටපු පොලිස් පරීක්ෂකවරයකු සහ එම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකුට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ (10) මරණ දඬුවම නියම කර තිබේ.

මෙලෙස මරණ දඬුවම නියම කර ඇත්තේ අනුරාධපුර පොලිසියේ හිටපු පොලිස් පරීක්ෂකවරයකු වන ප්‍රින්ස් ගුණසේකර සහ කදිරේෂන් ජෙගනන් යන දෙදෙනාටය.