SPORTS SRILANKAN NEWS

මලිංගට වඩා වේගයෙන් පන්දු යවන්න පුළුවන් – විජයරාජ්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංගට වඩා වේගයෙන් තමන්ට පන්දු යැවිය හැකි බවට කිලිනොච්චිය පුලෝපලයි ප්‍රදේශයේ පදිංචි සෙබස්රියාම්පිල්ලේ විජයරාජ් නැමැති තරුණ ක්‍රිකට් ක්‍රීඩකයා පවසයි.

පැ.කි.මී 142ක වේගයෙන් පන්දු යැවීමේ දක්‍ෂතා පෙන්වා ඇති එම තරුණයාට අවශ්‍ය පහසුකම් හා පුහුණුව ලැබුණේ නම් දක්‍ෂ වේග පන්දු යවන්නෙකු බවට පත්විය හැක.

මම කුඩා කල සිටම ලසිත් මලිංග පන්දු යැවීමේ ඉරියව්වා බලා පන්දු යැවීමට පුරුදුවුනා, දැන් මට ඔහුගේ වේගයට පන්දු යැවීමට පුළුවන්, මම පාසල් කාලයේ පළාත් මට්ටමේ ක්‍රිකට් තරඟවල දක්‍ෂතා පෙන්වා ඇති නමුත්, දිළිදුකම හේතුවෙන් ඉන් ඉදිරියට යැමට නොහැකිවුනා.

විජයරාජ්ගේ දක්‍ෂතාවය හඳුනාගත් වන්නි ප්‍රාන්ත භාර නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහතා, විජයරාජ්ට සිය පුහුණුවීම් කටයුතු සඳහා අවශ්‍ය සියළු පහසුකම් ලබාදීමට ද ඉදිරිපත්වී තිබේ.

මෙවැනි තත්වයකදී විජයරාජ් කැමැති නම් ඔහුව පොලිස් ක්‍රිකට් කණ්ඩායමට බඳවා ගැනීමට පියවර ගැනීමට සූදානම් බවද වන්නි ප්‍රාන්ත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා තිබේ.