SRILANKAN NEWS

පොලිතින් තහනම පිළිබඳ රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවෙහි කිසිඳු වෙනසක් නැහැ – ජනපති

පොලිතීන් තහනම පිළිබඳ රජය ගත් ප‍්‍රතිපත්තිමය තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බව ජනාධිපතිතුමා පවසයිපොලිතීන් සහ ප්ලාස්ටික් තහනම පිළිබඳව රජය ගත් ප‍්‍රතිපත්තිමය තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ (16) දින පැවැති මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

ඇස්බැස්ටෝස් සහ දුම්කොළ තහනම සඳහා රජය කි‍්‍රයාකරන අන්දමින්ම පරිසරයේ පැවැත්ම සඳහා දැඩි අභියෝගයක් වූ පොලිතීන් පිළිබඳව ද තීන්දු තීරණවලට එළැඹෙන බවත්, රජය ගත් මෙම ප‍්‍රතිපත්තිමය තීන්දුව විධිමත්ව සහ කඩිනමින් කි‍්‍රයාවට නැංවීම සඳහා අවශ්‍ය පසුබිම සැකසීමේ වගකීම මධ්‍යම පරිසර අධිකාරියට පැවරෙන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.

රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් ගත් තීන්දුවක් ලෙස ඒ පිළිබව ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.