WORLD NEWS

කෙන්යානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් නීතිමය අභියෝගයක් එල්ල කරනවා – විපක්ෂ නායක

පසුගිය සතියේ පැවති කෙන්යානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් නීතිමය අභියෝගයක් එල්ල කරන බව එරට විපක්ෂ නායක රයිලා ඔඩින්ගා පවසයි. එය වංචනිකව පැවැත්වුණු ජනාධිපතිවරණයක් බවට ඔහු චෝදනා කරනු ලැබේ.

වත්මන් ජනාධිපති උහුරු කෙන්යාටා අතින් පරාජයට පත්වූ ඔහු රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන බව පවසමින් මැතිවරණ බලධාරීන්ට ද චෝදනා කර තිබේ.

එහෙත් විදෙස් නිරීක්ෂකයන් ප්‍රකාශ කර ඇත්තේ එය නිදහස් හා සාධාරණ මැතිවරණයක් බවටය. නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව ජනාධිපති කෙන්යාටා හට සියයට පනස් හතරක ඡන්ද ප්‍රතිශතයකුත් ඔඩින්ගාට සියයට හතලිස් පහක ප්‍රතිශතයකුත් ලැබී තිබුණි.

මැතිවරණය අතරතුර සිදුවූ මහා පරිමාණ අක්‍රමිකතා පිළිබද ප්‍රබල සාක්ෂි තමා සතුව පවතින බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.