SRILANKAN NEWS

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් අටකට උසස්වීම්

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමෙන්තුවේ අධ්‍යක්‍ෂක ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් අට දෙනෙකුට පොලිස් කොමිසම විසින් උසස්වීම් ලබාදී තිබේ.

ඒ අනුව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.කේ. රවි පිරීස්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.ඒ.ඊ. මහේන්ද්‍ර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.සී.ඩී. සිල්වා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ. අයි.ඩි.ඒ. ගුණතිලක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.ජේ. පලිහක්කාර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බී.ආර්.එස්.ආර්. නාගහමුල්ල, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්.සී. ගලපත්ති, සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩි.එම්.ඩි.ජේ.ටී. ප්‍රියලාල් යන අය නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබේ.