SRILANKAN NEWS

යාපනය නගරයේ අනවසර වෙළඳසැල් 9ක් ඉවත් කෙරේ..

යාපනය බස් නැවතුම්පළ පසුපසින් ඇති මාර්ගයේ ඉදිකර තිබූ වෙළඳසැල් 9ක් යාපනය මහේස්ත්‍රාත් අධිකරණ විසින් කඩා ඉවත් කිරීමට නියෝග කර තිබුණි.

ඒ අනුව, පසුගිය බදාදා දින අධිකරණ නියෝගයට අනුව ඉකුත් වෙළඳසැල්වල භාණ්ඩු සියල්ල හිමිකරුවන් විසින් ඉවත් කර ගැනීමෙන් අනතුරුව අධිකරණය විසින් ඉකුත් ඉඩම යාපනය ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයට භාරදී තිබේ.

අනතුරුව යාපනය ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය විසින් එම ඉඩම යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ලබාදී තිබේ. මෙවැනි තත්වයකදී ඊයේ සිකුරාදා දින පස්වරුවේ යාපනය විශ්ව විද්‍යාලයේ ආරක්‍ෂක නිළධාරින්ගේ අධීක්‍ෂණය මත එම ඉඩම් තිබූ වෙළඳසැල් සියල්ල කඩා ඉවත් කර ඇත.

මේ අතර, මෙලෙස කඩා ඉවත් කළ වෙළඳසැල් සඳහා නීතිමය සාධාරණයක් ඉල්ලා නඩු ගොනු කිරීමට තීරණය කර ඇතැයි වෙළඳසැල් හිමිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කේ. සුකාස් පවසා තිබේ.