ARTICLES

අද්මිරාල් සින්නයියා සහ සුළු ජාතික දෙමළ ජනතාව – ග්ලෝබල් දෙමළ පුවත්

(පීඩාවට පත්වූ දෙමළ ජනතාව ශ්‍රී ලංකා රජයේ ඉහළ තනතුරු ඉල්ලා සත්‍යග්‍රහ කළේ නැහැ, ඔවුන් තම ඉඩම් හා අයිතිවාසිකම ඉල්ලා සත්‍යග්‍රහයෙහි නිරතව සිටින බව මෙම රජය අවබෝධ කරගත යුතුයි)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21වැනි නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා පත්කර තිබේ. පසුගිය කාලයේ එනම් මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ සින්නයියා දේශපාලන වශයෙන් පලිගැනීම්වලට ලක්වූ බවත්, දැන් ඔහුට ශ්‍රී ලංකා නාවික හමුදාපති තනතුර ලබාදී ඇති බවද පැවැසේ. දෙමළ ජාතිකයෙකුව නාවික හමුදාපති ධූරයට පත්කිරීම අවධානය දිනා ගන්න සිද්ධියක් වන අතර, එහි පසුපස ඇති දේශපාලනික ව්‍යූහයන් ගැන වූ කථා බහද සමාජගතවී තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන කාලය තුළ ප්‍රථමයෙන් දෙමළ ජාතික පුද්ගලයෙකු අගවිනිසුරු ලෙස පත් කෙරුණි. ඉන්පසු මහ බැංකුවේ අධිපති ලෙස දෙමළ ජාතික පුද්ගලයෙකුව පත් කෙරුණි. දැන් නාවික හමුදාපතිවරයා ලෙස දෙමළ ජාතික පුද්ගලයෙකුව පත්කර තිබේ. දෙමළ අගවිනිසුරුවරයෙකු කටයුතු කළ කාලය තුළ, තම ඉඩම් වෙනුවෙන්, තම ඥාතීන්ගේ නිදහස වෙනුවෙන්, ජන සංහාරයට නීතිමය සාධාරණයක් ඉල්ලා දෙමළ ජනතාව අරගල කළෝය. දෙමළ ජනතාවට එයට සාධාරණයක් ලැබුණා ද? නැත.

ඒ වෙනුවට මෙවැනි පත්වීම් දෙමළ ජනතාව සඳහා වූ නීතිමය සාධාරණත්වය හා, දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ප්‍රතික්‍ෂේප කිරීමට භාවිතාවේ. ශ්‍රී ලංකාවේ විපක්‍ෂ නායකයා ලෙස දෙමළ ජාතික පුද්ගලයෙකු කටයුතු කරන නමුත් දෙමළ ජනතාවගේ පවතින ප්‍රශ්ණ සම්බන්‍ධයෙන් ඇති වූ වෙනස කුමක් ද? ජාතික ප්‍රශ්ණයට විසඳුමක් පිළිබඳ කටයුත්තයෙහි කිසිඳු ප්‍රගතියක් නැත. අතුරුදන්වූවන්ගේ ප්‍රශ්ණය, ඉඩම් නිදහස් කිරීම වැනි ප්‍රශ්ණවලට නිසි විසඳුමක් ලැබුණේ ද? නීති විභාගයන් අක්‍රියවූ තත්වක් පවතියි.

ශ්‍රී ලංකාවේ පාලනය කරන රජයෙහි, කාලයෙන් කාලයට තනතුරුවල දෙමළ ජාතිකයන් කටයුතු කරන විට, තම රජයට පක්‍ෂපාතීව සහ දෙමළ විමුක්ති අරගලයට එරෙහිව කටයුතු කරන පුද්ගලයන්ව තෝරා පත්කරති. චන්ද්‍රිකා මහත්මියගේ පාලන සමයේ ලක්‍ෂමන් කදිර්ගාමර් මහතා තෝරා පත්කිරීමේ වැඩපිළිවලට සමාන සිද්ධියන් සිදුවේ. එමගින් දෙමළ ජනතාව මුහුණ දුන් අර්බුදකාරි තත්වය, ඔවුන්ගේ අරගලයට ඇතිවූ බාධාවන් ඉතා අධිකය.

සිංහල ස්වෝත්තමවාදයට සහාය ලබා දෙන පුද්ගලයන් තමයි මෙරට තනතුරුවලට පත්කරන බවත්, එයින් දෙමළ ජනතාවට හානියක් මිස කිසිඳු යහපතක් ලැබී නොමැති බව මෙවැනි සිද්ධින් ගණනාවක් උදාහරණයක් බවට පත්වී තිබේ. අද්මිරාල් සින්නයියා මහතා කොටි සංවිධානයට එරෙහිව පැවැති යුද්දයේදී කැපවීමෙන් කටයුතු කළ පුද්ගලයෙක්ලු, දෙමළ ජනතාවට එරෙහිව ව්යුහගත ශ්‍රී ලංකා හමුදා ව්‍යුහය ආරක්‍ෂා කරන පුද්ගලයෙකු හෙයින් ඔහුට මෙම තනතුර පිරිනැමීම ප්‍රසිද්ධ කාරණවකි.

මහින්ද රාජපක්‍ෂ මහතා, යුද්දය අවසන් වූ කාලයේ දෙමළ තරුණ තරුණියන්ව හමුදාවට බඳවා ගැනීමේ වැඩපිළිවලක් ආරම්භ කළේය. දිළිදු දුප්පත් පවුල්වල තරුණ තරුණියන්ව එලෙස බඳවා ගත්තේය. ඔවුන් හමුදා ගොවිපළ හා කඳවුරුවල කුලි වැඩ කරමින් සිටිති. ඇයි දෙමළ තරුණ තරුණයන්ට මෙලෙස සිදු කරන්නේ යන කාරණාවට පැහැදිළි කිරීමක් අවශ්‍ය නැත. එලෙසම දෙමළ ජාතික පුද්ගලයෙකුට හමුදාවේ ඉහළ තනතුරක් ලබාදී ඇති බවට ශ්‍රී ලංකා රජය පෙන්වාදීමට උත්හස කළ හැක.

ශ්‍රී ලංකා රජය එහි හමුදා යාන්ත්‍රණය යොද දෙමළ ජනතාවට එරෙහිව සිදුකළ ජන සංහාරය, අතුරුදන් කිරීම්, ඒ සම්බන්‍ධයෙන් නීතිමය සාධාරණයක් ඉදිරිපත් කළ යුතු යැයි අවධාරණය කර සිටින මෙම කාලය තුළ රජය මෙවැනි උපායික කටයුතු සිදුකරමින් සිටියි. දෙමළ පුද්ගලයෙකුට නාවික හමුදාපති තනතුර ලබාදීමට එරෙහිව මහින්ද රාජපක්‍ෂ කණ්ඩායම ද දේශපාලනයක් සිදුකළ හැකිය. මෙහි ප්‍රශ්ණය දෙමළ හෝ සිංහල නොවේ, ප්‍රශ්ණය බෞද්ධ ස්වෝත්තමවාදී – සුළු ජාතිකයන්ව මර්ධනය කිරීමේ මනසක් ඇති දේශපාලන හමුදා ව්‍යුහයවේ. නමුත් එම දිගින් දිගටම සිදුවන්නේ එම ව්‍යුහය ශක්තිමත් කිරීමේ වැඩ කටයුතුය.

මාර්ගවල රැඳී සිට තම දරුවන් , දරුවන්ට සාධාරණයක් ඉෂ්ඨකිරීමට සහ ඉඩම් නිදහස් වෙනුවෙන් දෙමළ ජනතාව සත්‍යග්‍රහ කරමින් සිටිති. රජය දෙමළ ජනතාවගේ සැබෑ ගැටුළු ගැන නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින් කල් මරමින් සිටියි. පීඩාවට පත්වූ දෙමළ ජනතාව ශ්‍රී ලංකා රජයේ ඉහළ තනතුරු ඉල්ලා සත්‍යග්‍රහ කළේ නැහැ, ඔවුන් තම ඉඩම් හා අයිතිවාසිකම ඉල්ලා සත්‍යග්‍රහයෙහි නිරතව සිටින බව මෙම රජය අවබෝධ කරගත යුතුයි

ග්ලෝබල් දෙමළ පුවත් සඳහා දීපච්චෙල්වන්
පරිවර්ථනය – රීසාහ්