SRILANKAN NEWS

මීරාවෝඩයි ශක්ති විද්‍යාලයේ ක්‍රීඩාංගනයට අයත් ඉඩම් ප්‍රශ්ණයට කඩිනමින් විසඳුමක්

වාලයිච්චේනයි, මීරාවෝඩයි ශක්ති විද්‍යාලයේ ක්‍රීඩාංගනයට අයත් ඉඩමේ ප්‍රශ්ණයට කඩිනමින් විසඳුමක් ලබා දෙන බව, ග්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති එම්.එස්.එස්. අමීර් අලි මහතා සහ පාර්ලිමෙන්තු මන්ත්‍රී සී. යෝගේස්වරන් මහතාා පවසා තිබේ.

ඉකුත් ඉඩම් ප්‍රශ්ණය සම්බන්‍ධයෙන් ඊයේ දින විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණි. මෙම ප්‍රශ්ණය සම්බන්‍ධයෙන් වාලයිච්චේනයි මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුවක් ගොනු කර ඇති හෙයින් දැනට දෙපාර්ශවයම නඩු තීන්දුව ලැබෙන තෙක් අදාළ ඉඩමට නොයන බවත්, තීන්දුව පාසලට සාධනීය ලෙස ලැබුණේ නම් ඉඩමට අයිතිවාසිකම් ඉල්ලා සිටින පුද්ගලයන් වහාම එම ඉඩමෙන් ඉවත්විය යුතු යැයි එහිදී තීරණය කර තිබේ.

ඉඩමට අයිතිවාසිකම් කියන පාර්ශවයට නඩු තීන්දුව ලැබුණේ නම් පාසලේ යහපත උදෙසා එම ඉඩම පාසලටම ලබා දෙන බවත්, එම ඉඩම වෙනුවෙන් වෙනත් ඉඩමක් අදාළ පාර්ශවයට ලබා දෙන බවද තීරණය කර තිබේ.

සමාජයන් දෙකක් අතර පවතින ඉඩම් ප්‍රශ්ණය සාකච්ඡා කර විසඳා ගැනීම හැර, තෙවන පාර්ශවයේ කෙනෙකු ගෙනවිත් සාධාරණයක් ඉල්ලා සිටිම අනාගතයේදී ජාතික සංහිඳියාවට බාධාවක් වනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා සහ යෝගේස්වරන් මහතා එහිදී පවසා තිබේ.