SRILANKAN NEWS

උදයංග වීරතුංග ඉදිරිපත් කළ ඉල්ලීම් 2ක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

තමන්ට එරෙහි වරෙන්තුව ආපසු කැදවීම සහ විදේශ ගමන් බලපත්‍ර දෙක භාවිත කිරීම අත්හිටුවීමේ නියෝගය ඉවත් කරන ලෙස රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා කළ ඉල්ලීම කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේ දී සිදුව ඇති බව කියන අක්‍රමිකතාව සම්බන්ධයෙන් ඔහු චෝදනා ලැබ සිටියි.

අදාළ නඩු විමර්ශන වල ප්‍රගතිය නොවැම්බර් දෙවනදා අධිකරණයට වාර්තා කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට දැනුම් දී තිබේ.