SRILANKAN NEWS

ඡන්ද නාම ලේඛනයේ නම ඇතුලත්වී නැත්නම් වහාම දැනුම් දෙන්න – මැතිවරණ කොමිසම

2017 ඡන්ද හිමි නාම ලේඛනයේ කෙටුම්පත සකස්කර අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

2017 ඡන්ද හිමි නාමලේඛනයට තම නම් ඇතුලත් වී ඇත්දැයි තහවුරු කරගන්නා ලෙසත්, 2016 ඡන්ද හිමි නාමලේඛනයෙන් ඉවත් කෙරෙන සහ අලුතින් ඇතුලත් කෙරෙන නම් පිළිබඳ විස්තර ග්‍රාම නිලධාරී කාර්යාලවලින් ලබාගත හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටියි.

ඉදිරි ඡන්ද විමසීම්වලදී ඡන්දය භාවිත කළ හැක්කේ 2017 නාම ලේඛනයේ නම් ඇතුලත් තැනැත්තන්ට පමණක් බැවින් නව ජන්ද නාමලේඛනයට නම් ඇතුලත්ව නැත්නම් වහාම අදාල මැතිවරණ කාර්යාලවලට දැනුම් දීමට කටයුතු කරන ලෙසද මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා තිබේ.

නව ජන්ද නාම ලේඛනයට ඔබගේ නම ඇතුලත් වී තිබෙන්නේ දැයි පහත සඳහන් වෙබ් අඩවියට ගොස් පරීක්‍ෂා කළ හැක.

www.elections.gov.lk