SRILANKAN NEWS

දෙමළ දේශපාලන සිරකරුවන් පිළිබඳ සාධාරණීය ප්‍රවේශයක් අවශ්‍යයි – ඩග්ලස්

දෙමළ දේශපාලන සිරකරුවන් පොදු සමාව යටතේ නිදහස් කළ යුතු බවත්, එම සිරකරුවන්ව කඩිනමින් නිදහස් කළ යුතු යැයි දිගින් දිගටම අවධාරණය කර සිටින පාර්ලිමෙන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

එම සිරකරුවන් නිදහස් වන තෙක් ඔවුන්ව සාධාරණීයව රඳවා තැබීම ගැන මෙම රජය තහවුරු කළ යුතු යැයි හෙතෙම පවසා තිබේ.

දෙමළ දේශපාලන සිරකරුවන්ව පොදු සමාව යටතේ නිදහස් කළ යුතුයි යන ස්ථාවරය අපි දිගටම අවධාරණය කර සිටිනවා, තවද දැන් අනුරාධපුරය බන්‍ධනාගාරයේ රඳවා තබා සිටින දේශපාලන සිරකරුවන් තිදෙනෙකු ආහාර වර්ජනය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

වව්නියාව අධිකරණයේ පැවැත්වෙන ඉකුත් සිරකරුවන් පිළිබඳ නඩු විභාගය අවසන්වීමට නියමිත අවස්ථාවක, එම නඩු වෙනත් අධිකරණයකට මාරු කිරීමට උත්සහ කිරීම සම්බන්‍ධයෙන් එම සිරකරුවන් මෙලෙස ආහාර වර්ජනයකට එළඹී ඇති බව ද දැනගන්නට ලැබී ඇත.

එම දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන තෙක් ඔවුන් ගැන සාධාරණීයව කටයුතු කළ යුතු යැයි අප අවධාරණ කර සිටින අතර, දැනට ඇතිවී තිබෙන මෙම අර්බුදකාරි තත්වය කෙරෙහි රජය අවධානය යොමු කර සිරකරුවන්ට නිසි සාධාරණය ලබාදීමට කඩිනමින් පියවර ගත යුතු යැයි ඩග්ලස් දේවානන්දා මහතා වැඩිදුරටත් පවසා තිබේ.