SRILANKAN NEWS

මහ බැංකුවේ නව නියෝජ්‍ය අධිපති ලෙස සී.ජේ.සී. සිරිවර්ධන

මුදල් මණ්ඩලය විසින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අනුමැතිය සහිත ව ශ්‍රී ලංකා මහ බැංකුවේ නව නියෝජ්‍ය අධිපති වශයෙන් සී.ජේ.සී. සිරිවර්ධන මහතා පත් කොට ඇත.

සී.ජේ.සී සිරිවර්ධන මහතා නියෝජ්‍ය අධිපති ධුරයට පත්වීමට ප්‍රථම ශ්‍රී ලංකා මහ බැංකුවේ ම සහකාර අධිපතිවරයෙකු වශයෙන් කටයුතු කොට ඇති ඒ මහතා මහ බැංකුවෙහි වසර 31කට අධික සේවා කාලයක් සම්පූර්ණ කොට ඇත.

ආර්ථික හා මිල ස්ථායිථාවය, මූල්‍ය පද්ධති ස්ථායිතාවය සහ අනෙකුත් නියෝජිත කාර්යයන් පිළිබඳ ව විශේෂ පළපුරුද්දක් දරන ඒ මහතා නියෝජ්‍ය අධිපතිවරයා ලෙස පත්වීමට ප්‍රථම රාජ්‍ය ණය, තොරතුරු තාක්ෂණ, නීති හා අනුකූලතා, සාර්ව විචක්ෂණතා අධ්‍යයන, මානව සම්පත්, ප්‍රතිපත්ති සමාලෝචන හා නිරීක්ෂණ, ගෙවීම් හා පියවීම් සහ අවදානම් කළමනාකරණ යන දෙපාර්තමේන්තු භාර සහකාර අධිපතිවරයා වශයෙන් කටයුතු කොට ඇත.