SRILANKAN NEWS

රජය මැතිවරණ කල්දමා නැහැ – අමාත්‍ය ෆයිසර් මුස්තෆා

මැතිවරණය කල්දැමීමට අවශ්‍ය නොමැති බවත් රජය මැතිවරණ කල්දමා නොමැති බවත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයට ගනිමින් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

පනත් කෙටුම්පතේ තාක්ෂණික සංශෝධ තිබෙනවා. මැතිවර්ණ කොමසාරිස් සංශෝධන ඉදිරිපත් කර තිබුණා. යම් මන්ත්‍රීවරයකුට පැහැදිළි කිරීමක් අවශ්‍ය නම් නිලධරීන්ගෙන් පැහැදිළි කිරීම කරගන්න පුළුවන්. මම පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කරනවා.

මැතිවරණය කල්දැමීමට අවශ්‍ය නෑ. මේ රජය මැතිවරණ කල්දමා නෑ.ප්‍රාදේශීය දේශපාලන නායකත්වය සමඟත් සාකච්ඡා කළා. මාස හයක කාලයක සියලු දේශපාලන පක්ෂ සමඟ සකච්ඡා කළා යැයි ද අමාත්‍යවරය පවසී ය. පිළිතුරු කතාව විවාදය අවසානයේ අමාත්‍යවරයා විසින් සිදු කිරීමට නියමිතය.