SRILANKAN NEWS

හමා ගොස් අල්ලා ගැනීමට නොහැකි නම් පොලීසියට 1000සීසී යතුරු පැදි කුමකටද?

Mano - මනෝ ගනේෂන්යාපනය සරසවි සිසුන්ගේ මරණය ඝාතනයක් බවට තහවුරු වන සාක්‍ෂි ලබමින් තිබේ. පොලීසියට අධි නවීන 1000සීසී යතුරු පැදි ලබාදී තිබෙන්නේ පොලිස් මුර පොළවල සිය වාහනය නොනවත්වා ධාවනය කරන පිරිස හමා ගොස් අල්ලා ගැනීමටය. පොලිස් මුර පොළේ නොනවත්වා වේගයෙන් ගිය සිසුන් වෙඩි තබාගෙන ගිය බවට වාර්තාවක් නැහැ. එමෙන් ඔවුන්ව හමා ගොස් අල්ලා ගත යුතුයි. එහෙමත් වෙඩි තැබීමේ අවශ්‍යතාවයක් ඇතිවුයේ නම් ප්‍රථමයෙන් අහසට වෙඩි තැබිය යුතුයි. අනතුරුව දණහිස්සට පහළ වෙඩි තැබිය යුතුයි යන කාරණාව තුනේ පංතියේ දරුවන් පවා දන්න දෙයකි. නමුත් මෙය පුහුණුව ලැබූ පොලීසියට දන්නේ නැහැ.

සති කිහිපයකට පෙර පුසැල්ලෑව පොලිස් ස්ථානයේදී තරුණයකු මිය ගොස් තිබුණි. දැන් යාපනයේ මෙලෙස සරසවි සිසුන් දෙදෙනකු මිය ගොස් තිබේ.

අපට හමුදාව එපා, නීතිය සාමය තහවුරු කරන සිවිල් පොලීසිය අපේ මිතුරන් යැයි පැවැසීමට පටන්ගත් යාපනය ජනතාවට මෙවැනි සිද්ධීන් පොලීසිය කෙරෙහි යළි අවිශ්වාසයක් ඇතිවීමට හේතුවී ඇත. පොලිසිය කෙරෙහි අලුතින් විශ්වාසයක් ගොඩනැගීමට අපරාධකරුවන්ට එරෙහිව ස්වාධීන පොලිස් කොමිසම නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය – මනෝ ගනේෂන් මහතා අද (22) දින කොටහේන ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් පවසා සිටියේය.

– Global Tamil News : Sinhala