බලහත්කාර අතුරුදහන්කරවීමට ලක්වූවන් සඳහා වූ ජාත්‍යන්තර දිනය වන අද නැගෙනහිර පළාතේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් මඩකළපුව ගාන්ධි උද්යාහනය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා ඇත.
මඩකළපුව, ත්‍රිකුණාමලය සහ අම්පාර යන දිස්ත්‍රික්කවලින් අතුරුදන්වූවන්ගේ ඥාතීන් විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගිවූහ.
අතුරුදන්වූවන්ට සිඳුවුයේ කුමක් ද යන සත්‍යතාවය සොයා ගැනීමේ අරමුණින් මෙම උද්ඝෝෂණය පවත්වන බව උද්ඝෝෂණකරුවන් පවසා සිටියේය.
අතුරුදන්වූවන්ගේ ඡායාරූප ප්‍රදර්ශණය කරමින් උද්ඝෝෂණයෙහි නිරතවූ එම පිරිස, අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නීතිමය හා වන්දිය ලබාදිය යුතු අතර, මෙවැනි අතුරුදන් කිරීමේ සිද්ධින් ඉදිරියේ සිඳු නොවීම තහවුරු කළ යුතු යැයි අවධාරණය කළහ.
තවද උතුර නැගෙනහිර ප්‍රදේශවල පවතින හමුදාකරණය අවසන් කර, ජනතාවගේ දෛනික ජීවිතය යළි නඟා සිටුවන්නැයි ද ඉල්ලා සිටි අතර, උද්ඝෝෂණයෙන අනතුරුව එක්සත් ජාතින් සංවිධානයේ ලේකම් වෙත යැවීම සඳහා වූ සන්දේශයක් මානව හිමිකම් කොමිසමේ මඩකළපුව ශාඛාවේ සම්බන්ධිකාරක අබ්දුල් අසීස් මහතා වෙත භාරදී තිබේ.
Add Comment